වසන්ත චන්ද්‍රපාල
අම්පාර වඩිනාගල ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථය ලොරියක ගැටීම නිසා ගිලන් රථයේ රියදුරු මියගොස් එහි සහයක බරපතල තුවාල ලබා තිබේ.
ඊයේ (29) රාත්‍රීයේ තොට්ටම රෝහලේ රෝගියකු අම්පාර රෝහලට ගෙන යෑම සඳහා මෙම ගිලන් රථය පිටත්ව ඇත.
අම්පාර සියඹලාණ්ඩුව මාර්ගයේ වඩිනාගල 18 කණුව ප්‍රදේශයේ ඇති විශාල කන්දක් නගිමින් සිටි සහල් ලොරියක් සහ ගිලන් රථය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වඩිනාගල රෝහලේ ගිලන් රථ රියදුරු ලෙස සේවය කළ ඩී.ආර්.ජයසිංහ බණ්ඩාර යන අය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd