IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ලොරියකට ලබා දී තිබූ බලපත්‍රය ත්‍රිරෝද රියක ගසාගෙන අකුරණට ඇවිත්

(මොහොමඩ් ආසික්)
 

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ලොරි රථයක් සඳහා ලබා දී තිබූ බලපත්‍රයක් ත්‍රීරෝද රථයක ව්‍යාජ ලෙස සවි කර ගෙන අකුරණ නගරයට පැමිණි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත්බව අලවතුගොඩ පොලිසිය පැවසීය.
 
කොරෝනා ආසාදිත රෝගීන් හමු වීමත් සමඟ අකුරණ  ප්‍රදේශය මේවන විට සම්පූර්ණයෙන් හුදකලා කර ඇති අතර කිසිදු ප්‍රදේශයකට කිසිදු ආකාරයක ඇතුළු වීම් තහනම් කරනු ලැබ තිබේ.
 
මෙම තත්වය හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලොරි රථයකට ලබා දී තිබූ  බලපත්‍රයක් ත්‍රීරෝද රථයක සවි කර ගෙන අකුරණ නගරයට පැමිණිමි අයෙකු මෙලෙස පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
 
මෙයට අමතරව ඇඳිරි නීතිය කඩ කරමින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔවුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
 
මෙම පුදගලයින් දෙදෙනාම දැනට සම්පූර්ණයෙන් හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.



අදහස් (0)

ලොරියකට ලබා දී තිබූ බලපත්‍රය ත්‍රිරෝද රියක ගසාගෙන අකුරණට ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 490 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site