(උපාලි ආනන්ද)
ව්‍යාජ විස්තර සහිත අදායම් සහතිකයක් සකස් කළ බවට අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක ලිපිකරුවෙකු සහ කාර්යාල කාර්ය සහයකයෙකු එම චෝදනාවෙන් නිදොස්කර නිදහස් කර මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
මෙසේ නිදොස් කොට නිදහස් කර මුදා හැරියේ නාච්චාදුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කල ලිපිකරුවෙකු වන ඉපලෝගම ගෝනපතිරව මානාව ෆාම් හවුස් ලිපිනයේ සරත් සිසිල් රාජකරුණා නැමැති ලිපිකරුවෙක් සහ එම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේම කාර්යාල කාර්ය සහයකයෙකු වන අනුරාධපුර සුචරිතගම ලිපිනයේ ඩබ් ගිරිගෝරිස් යන සැකකරුවන්ය .
2014 වසරේ ඔක්තෝබර් මස 5 වන දින හේ ඊට ආසන්න දිනයක නාච්චාදුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අංක 259 තුලානේ ග‍්‍රාම නිලධාරිණියගේ අත්සන සහ නිළ මුද්‍රාව ව්‍යාජ ලෙස යොදා ගෙන සැකකරුවන් මෙම වරද සිදු කර ඇති බවට අනුරාධපුර පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශය ඔවුනට එරෙහිව අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර පොලිස් විශේෂ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් පෙනී සිටියේයෙ.
2025 නොවැම්බර් මස 21
26
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
141
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
988
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලිපිකරුත් - කාර්ය සහායකයාත් නිදොස්කොට නිදහස්