IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලිඳුල වතුයායක ගින්නකින් වතු නිවාස 10ක් විනාශයි


(ශාන්ත චන්ද්‍රසිරි)
 

තලවකැලේ, ලිඳුල අග්‍රාකන්ද වතුයායේ වතු ලයිම් නිවාස පේළියක අද (28) ඇති වූ ගින්නකින් වතු නිවාස 10 ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
 
එම වතු නිවාසවල පදිංචිව සිටි පුද්ගලයන් 75 කු අවතැන්ව ඇති අතර, ඔවුන් එම වතුයායේ සංස්කෘතික මධ්‍යස්ථානයේ හා දේවස්ථාන ගොඩනැගිල්ලක දැනට තාවකාලිකව නවතාලීමට පියවර ගෙන තිබේ.
 
ගිනිගත් එම වතු නිවාසවල තිබු වතු කම්කරුවන් සතු ගෘහ උපකරණ, ළමුන්ගේ පාසල් පොත් හා උපකරණ,  වටිනා ලියකියවිලි   ඇතුළු  දේපල සියල්ලම විනාශයට පත්ව ගොස් තිබිණි.
 
වතු කම්කරු නිවාස පේළියේ එක් නිවසක ඇතිව තිබු ගින්න අනෙකුත් වතු නිවාසවලටද පැතිරී ගොස් ඇති බවත්, ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලීසිය පවසයි.
 
ලිඳුල  පොලීසියේ නිලධාරීන් හා වතුයායේ වතු කම්කරුවන් එකතුව ගින්න නිවා දැමීටට දැඩි වෙහසක් ගනු ලැබුවද එය අසාර්ථක වී ඇත.
 
ගින්න සම්බන්ධයෙන් ලිඳුල පොලීසිය  පරීක්ෂණ ආරම්භ කර තිබේ.



අදහස් (0)

ලිඳුල වතුයායක ගින්නකින් වතු නිවාස 10ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site