ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට දිගු කලක සිට අඩුවක්ව පැවති දාන ශාලාවත් නව විහාර පරිශ්‍ර ගොඩනැඟිල්ලත් සඳහා මුල්ගල් තැබීම පසුගියදා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මාපානේ පේමසිරි මහනාහිමියන්ගේ අතින් සිදුකෙරුණි.
විහාරස්ථානයේ තැන්පත් කර ඇති බෝධීන් වහන්සේ සඳහා ඉදිකෙරුණ රන්වැට ද එදින මහනාහිමියන්ගේ සුරතින් අනාවරණ කෙරුණි.
කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආරාධනයෙන් ලන්ඩන් නුවරට වැඩම කරවූ මහනාහිමියන් කැටුව ශ්‍රී ලංකාවේ නායක හිමිවරු කිහිප නමක්ම වැඩම කළහ.
මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමි සහ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි පරිවේණාධිපති බලන්ගොඩ සෝභිත හිමියන් වුහ.
පිංකම සඳහා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි, රාමඤ්ඤ නිකායේ මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක බර්මින්හැම් ජේතවන විහාරස්ථානාධිපති කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි, ශ්‍රී සම්බෝධි විහාරවාසී මඩුගල්ලේ මහානාම හිමි සහ නාවෙලගම අමිතදස්සී හිමියන් ඇතුළු මහා සංඝයා වහන්සේ 11 නමක් ද නව ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා බරපැන දරණ කල්‍යාණ ඔබේසේකර සහ නදීරා ඔබේසේකර යුවල සමඟ විශාල සැදැහැවතුන් පිරිසක් ද සහභාගී වුහ.
2025 දෙසැම්බර් මස 16
75
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලන්ඩන් ශ්‍රී සම්බෝධි විහාරයට දාන ශාලාවක්