ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන සියල්ලේම පොසොන් පුන් පොහොය දින ආමිස සහ ප්‍රතිපත්ති පුජා ඇතුලත් වැඩසටහන් පැවැත්විණි.
එම පන්සල් බෞද්ධ සහ කොඩි පහන් කුඩු ආදියෙන් අලංකාරවත් අන්දමින් සරසා තිබුණි. මෙම පින්කම් සඳහා ශ්‍රී ලාංකික මෙන්ම අනෙකුත් ජාතික බෞද්ධ සැදැහැවත්හු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
මෙවර පොසොන් පොහෝ දිනය යෙදී තිබුන ජුනි 2 වන දිනය සතියේ දිනයක් වීම නිසා මෙම පින්කම් සියල්ලක්ම වාගේ පැවැත්වුනේ සති අන්තයේදීය.
එසේනමුත් ලන්ඩන් නුවර මහමෙව්නා භාවනා අසපු හතරේම පින්කම් පවත්වන ලද්දේ පොහොය දිනයේය. මහමෙවුනාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන පොසොන් පිංකම පැවැත්වුනේ බැසිල්ඩන් අසපු භූමියේදීය. එදින උදැසන 7 සිට සවස 6 දක්වා දාන සීල භාවනා,බුද්ධ වන්දනා, බුද්ධ පුජා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්චා වැඩසටහන් පැවැත්වුනි. අනෙකුත් අසපු වල සවස 6.30 සිට බුද්ධ වන්දනා, ධර්ම දේශනා සහ පරිත්ථාන ධර්ම දේශනා ඇතුලත් වැඩසටහන් පැවැත්විය.
ලන්ඩන් නුවර ප්‍රමුඛ ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය ලන්ඩන් බෞද්ධ විහාරයයි. එහි පොසොන් පිංකම පසුගිය 7 වැන ඉරුදින දවස පුරාවටම පැවැත්විණි.
විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලිකත්වයෙන් පැවැත්වුන එම පින්කම් සඳහා විහාරවාසී පුජ්‍ය තවලම බන්දුල හිමි, පුජ්‍ය කොන්වැවේ අරියරතන හිමි, පුජ්‍ය කළුගමුවේ කස්සප හිමි සමඟ ටොරොන්ටෝ බෞද්ධ විහාරස්තානාධිපති පුජ්‍ය උඩුපිහිල්ලේ විමලබුද්ධි නාහිමි සහ පුජ්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි සහභාගී වුහ.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩනයේ පොසොන් පින්කම්
ෂාම් Tuesday, 09 June 2015 06:21 AM
මහින්ද මහත්තයත් ගිහින්ද ? (ම)