IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංගමේ හෝමාගම - පිටකොටුව බස් විරෝධතාවයක

(කේ බුද්ධික කුමාරසිරි සහ පි‍්‍රයන්ත ජයලත්)

 

මාර්ග අංක 138 හෝමාගම සිට පිටකොටුව දක්වා ධාවන කටයුතු සිදු කරනු ලබන ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික බස් රථ එක්ව ධාවන කටයුතු වලින් ඉවත්ව අද (9) විරෝධතාවයක් ඇරඹුහ.

කොට්ටාව සිට පිටකොටුව බලා ධාවනය කෙරෙන බස් රථවලට මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය දක්වා පැමිණ එතැන් සිට ගමනාරම්භ කිරීමට බස්නාහිර මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය අවසර ලබාදීමට විරෝධය පා මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.

විරෝධතාකරුවන් පවසන්නේ ලංකාවේ පළමු වතාවට ලංකා ගමනාගමන මණ්ඩලය හා හෝමාගම පෞද්ගලික බස් සංගමය එක්ව මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ සිට පිටකොටුව දක්වා බස් ධාවන ගමන්වාර කිසිදු ගැටළුවක් නොමැතිව සිදු කරගෙන ගිය අවස්ථාවක පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් කොට්ටාව සිට පිටකොටුව බලා ධාවනය වන බස් රථ මාකුඹුරට රැගෙන ඒම තුළින් ගැටළුවක් මතු කර ඇති බවයි.

මේ හේතුවෙන් හෝමාගම සිට ධාවනය කෙරෙන බස් රථ සදහා බස් නැවතුම්පලවල් හතරක මගීන් අහිමිවීම සිදුවන බැවින් වහාම කොට්ටාව බස් රථ මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයට රැගෙන ඒම බලධාරීන් විසින් නතර කළ යුතු බවත් එසේ නොවුණ හොත් හයිලෙවල් මාර්ගයේ ධාවන කටයුතු සිදු කරන බස්රථ විශාල ප‍්‍රමාණයක් තම විරෝධතාවය සඳහා එක්කර ගැනීමට කටයුතු කරන බව ද විරෝධතාකරුවෝ පවසති.

මෙම විරෝධතාවය ලංකා ගමනා ගමන මණ්ඩලයේ සහ හෝමාගම පෞද්ගලික බස් සංගමයේ බස් රථ 100 කට ආසන්න සංඛ්‍යාවක් බස් ධාවනයෙන් ඉවත්ව ඇති බව හෝමාගම පෞද්ගලික බස් සංගමයේ උප සභාපති මංජුල පෙරේරා මහතා පවසයි.

 



අදහස් (0)

ලංගමේ හෝමාගම - පිටකොටුව බස් විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 52 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site