(කාංචන කුමාර ආරියදාස)
මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව අධ්‍යාපන කලාපයට අයත් ලග්ගල නාරංගමුව ප්‍රාථමික විදුහලේ අඩුපාඩු රැසක් පැවතීම හේතුවෙන් සිසුහු සහ ගුරුවරු ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.
ලග්ගල, රාවණා පරපුරේ සිට පැවත එන ගම්මානයක් ලෙසින් ජනප්‍රවාදයේ සඳහන් ව තිබේ.
ලග්ගල පල්ලේගම, ලකේගල නම් වූ ඓතිහාසික ගල පාමුල පිහිටි මෙම පාසලේ හේන් ගොවිතැන ජීවනෝපාය මාර්ගය කරගනිමින් ජීවත් වන ගොවි පවුල්වල දුවාදරුවෝ 34 දෙනෙක් අධ්‍යාපනය ලබති. ඔවුන් අතර ශිෂ්‍යාවෝ 14දෙනෙක් සහ ශිෂ්‍යයයෝ 20ක් සිටිති. විදුහල්පතිවරයාද සමඟ ගුරුවරු පස් දෙනෙක් මෙහි සේවය කරති.
1955 වසරේ ඉදිකරන ලද එකම ගොඩනැගිල්ල එදා සිට මේ දක්වාම අධ්‍යාපනය ලබන ග්‍රාමීය දරුවන්ට සෙවණ දෙන බව මව්පියවරු පවසති. අවස්ථා කිහිපයකදීම දෙමව්පියන් මෙම ගොඩනැගිල්ලේ හුණු පින්තාරු කරමින් එය පිළිසකර කර ඇත. මෙම පාසැලේ පන්ති කාමර පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බවත් ගුරු නේවාසිකාගාර දැනටමත් කැඩී අබලන් තත්ත්වයේ පවතින බවත් ගුරුවරු පවසති. මෙම විද්‍යාලයට පුස්තකාල ගොඩනැගිල්ලක් ද නොමැති අතර පුස්තකාලය අල්මාරියක පවත්වාගෙන යනු ලබයි. දෙමව්පියන්ට පාසැල නඩත්තු කරගෙන යෑම සඳහා මූල්‍ය පහසුකම් නොමැතිවීම පාසල සංවර්ධනය කරගැනීමට නොහැකි බවද ඔවුහු කියති.
මෙම පාසලේ ඉගෙනුම ලබන කුඩා දරුදැරියෝ බොහෝදෙනෙකුට පාසල්යාමට අවශ්‍ය සපත්තු දෙකක් හෝ නොමැත. කිලෝමීටර් දෙකහමාරක් තුනක පමණ දුර ගෙවා වන මැදින් පාසලට පයින් පැමිණෙන කුඩා දරු දැරියෝ ද වෙති. නාරංගමුව ප්‍රාථමික විදුහල සඳහා අක්කර හයක විශාල ඉඩමක් ද පවතී. මුළු ප්‍රදේශයම කැලෑවට යටව ඇත. පාසල පිහිටා ඇත්තේ ද පාළු ප්‍රදේශයකය.
මෙම පාසල්වල අඩුපාඩු පිළිබඳව ගැන මාධ්‍යයකින් හෝ හෙළිකිරීමට එහි විදුහල්පතිවරු, ගුරුවරු සහ දෙමවුපිය දැඩි බියක් දක්වති. එසේවුවහොත් අධ්‍යාපන බලධාරීන් පැමිණ පාසල අලුත්වැඩියා කරනවා වෙනුවට විදුහල්පතිවරයා හෝ ගුරු මණ්ඩලයට දොස් නඟමින් ඔවුන් එම විද්‍යාලයෙන් ඉවත් කරන බව දෙමාපියෝ පවසති. මේ හේතුව නිසා දැනට සේවය කරන ගුරුවරුන් කිහිපදෙනා පවා පාසලට ද අහිමි වියහැකි බව ඔවුහු කියති.
රේඛීය අමාත්‍යාංශයෙන් මෙවැනි පාසල්වලට අවශ්‍ය පහසුකම් ලබා නොදී එය පළාත් සභා පාසලක් කියා වෙන් කර තබන අතර පළාත් සභාවලින් මෙවැනි පාසල් දියුණු කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවද ඔවුහු පවසති.
මෙම කඩා වැටීමට ආසන්න ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලක්, පුස්තකාල ගොඩනැගිල්ලක්, කාර්යාල ගොඩනැගිල්ලක් සහ දරුවන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට හැකිනම් එය දරුවන්ගේ ඉගෙනුමට උපකාරයක් බව ගුරුවරු සහ දෙමව්පියෝ කියාසිටිති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලග්ගල නාරංගමුව විදුහලේ ඉගෙනුම් කටයුතු වැට උඩ
Raveendra Friday, 22 March 2019 06:02 AM
අම්මපා..... කෝ මේ හැබෑටම අපේ මේ අධ්‍යාපන ඇමති, උප අධ්‍යාපන ඇමති, අධ්‍යාපන ඔස්තාර්ලා, අධ්‍යාපන මහෝෂද පණ්ඩිතයෝ ටික. උන්දලාට මේ පුවත කියවීමට සිංහල දැනුම හීන වෙලාද මන්ද ?