IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ලොග්ගල්ලා ඔයට පාලමක් නැතිකමින් ජනතාව පීඩාවට

(නිශාන්ත කුමාර)

මීගහකිවුල, ලොග්ගල්ලාඔය, කෑදත්ත මංකඩ හරහා එගොඩ මෙගොඩ විමට පාලමක් නොමැති වීමෙන් ජනතාව  දැඩි අසීරුතාවට පත්ව ඇතැයි කියති.

 මෙම ස්ථානයෙන් එගොඩ මෙගොඩ වීම සඳහා කලකට පෙර අත්වැල් පාලමක් ඉදිකර තිබුණද මීට වසර දහයකට පමණ පෙර එම පාලම ඔයේ සැඩපහරකට හසුව ගසාගෙන ගිය බවත් මේ වන විට ඉතිරිව ඇත්තේ එහි දෙපස ආධාරක කුළුණු  කිහිපය පමණක් බවත්  ගම්වාසීහු පවසති.

මේ හේතුවෙන්  ලොග්ගල්ලා ඔය දෙපස පිහිටි මිගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසායට අයත් කෝමාරික ගොඩයාගම මැදලන්ද හා ඒ අවට ගම්මාන රැසක පාසැල් දරුවන් ඇතුලු   පවුල් 500 කට පමණ කරවටක් දියේ ගිලී ලොග්ගල්ලා ඔය හරහා එගොඩ විමට සිදුව තිබේ.

ඔය හරහා අනාරක්ෂිත ලෙස එගොඩ මෙගොඩ වූ කීපදෙනෙකුම    ඔයෙහි  ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ප්‍රදේශයේ ජනතාව පවසති.



අදහස් (0)

ලොග්ගල්ලා ඔයට පාලමක් නැතිකමින් ජනතාව පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 602 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 514 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site