IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලක්ෂ 6ක හෙරොයින් සමඟ 4ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මෝටර් රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 6ක් පමණ  වටිනා හෙරොයින් මත්කුඩු සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු පානදුර ගාලුපාර මීගහකෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
 
එම සැකකාරිය සහ සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 337ක් හමු වූ බවද පොලිසිය කියයි.
 
මීට පෙර අවස්ථා ගණනාවකදී හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් වාද්දුව පදිංචි පුද්ගලයන්ගේ සගයන් යොදාගනිමින් උපක්‍රමශීලීව මත්කුඩු ජාවාරම කළ බවට පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු සෙසු සැකකරුවන්ට ඉහළ ගෙවීමක් කර ඇතැයිද, දිවයිනේ සෑම ප්‍රදේශකම හෙරොයින් දැඩි හිගයක් පැවතීම හේතුවෙන් ඒ සදහා ඉහළ ඉල්ලුමක් ඇතැයිද,  මත්කුඩු ග්‍රෑම් 1ක මිල තුන් හතර ගුණයකින් ඉහළ ගොස් ඇතැයිද පොලිසිය කියයි.
 
ප්‍රධාන සැකකරු වාද්දුවේ පදිංචිකරුවකු බවත්, සෙසු සැකකරුවන් හා සැකකාරිය ගල්කිස්ස හා පිංවත්ත ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් පොලිසිය පවසයි.
 
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ලක්ෂ 6ක හෙරොයින් සමඟ 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site