(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නයනදුල සෙන්දනායක)
රුපියල් ලක්ෂ 40 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු අද (09) බුලත්සිංහලදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
මෙම සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 300 ක් හා ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
කලුතර කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් සහ බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම කර ඇත.
මත්කුඩු ග්‍රෑම් 50 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී බුලත්සිංහල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී තවත් මත්කුඩු ග්‍රෑම් 250 ක් සොයාගත්බව පොලිසිය පැවසීය.
එම නිවස සැකකාර පොලිස් කොස්තාපල්වරයා පදිංචි නිවස බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අනුරාධපුරයේ සහ ගිරිඋල්ලේ පදිංචි වයස 31 ත් 40 අතර පසුවන අය බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd