(නිශාන්ත කුමාර)
වැලි ප්‍රවාහනය කිරීමේ මුවාවෙන් බලපත්‍රයක් නොමැතිව වැලි යට සඟවා තේක්ක කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අද (03 රිදීමාලියද්ද පෙතියාගොඩ දෙහිගම ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය පොලිස් වසමට අයත් බදුලුඔය ප්‍රදේශයේ 24 හැවිරිදි පුද්ගලයකි.
රිදීමාලියද්ද පොලිස් විශේෂ කාර්යාංශය ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු ලොරි රථය හා දැව අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමින් යුත් දැව කඳන් 49 ක් වැලි යට සඟවා තිබු බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් අද (03) මහියංගන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd