බිමල් ශ්‍යාමන් ජයසිංහ

පොලිස් වසම් 6 ක සොරකම් 10  ක් සිදුකර රුපියල් ලක්ෂ 30 ක ආසන්න දේපල සොරා ගත් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අද (8) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනා රාත්‍රී කාලයේ දී ත්‍රිරෝද රථයකින් සොරකමේ ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ සොරකම් කිරීම සඳහා උපයෝගී කරගත විශාල ප්‍රමාණයේ කටර් අඩුවක්, විශේෂිත කතුරක්, ඉස්කුරුප්පු නියං දෙකක්, ත්‍රීරෝද රථයක්,  කියත් තල කිහිපයක්, ලැප්ටොප් පරිගනක හතරක්, සීල් මැෂිමක්, ජෙනරේටරයක්, වාහන අලුත්වැඩියාව සඳහා යොදා ගන්නා ඉලොක්ට්‍රොනික් උපකරණයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් බාරයට ගෙන ඇත.