( සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධිවර බෝට්ටු ඔස්සේ තලෙයිමන්නාරම උරුමලෙයි වෙරළ තීරයට රැගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 20 ආසන්න වටිනාකමින් යුත් කේරළ කිලෝ 14යි ග‍්‍රෑම් 690 සමඟ ගංජා ජාවාරම්කරුවකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි.
අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම ප‍්‍රදේශයේ සිට කොළඹට කේරළ ගංජා ප‍්‍රවාහනය කරන ප‍්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවද පොලීසිය කියයි.
ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු හා කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
ජාවාරම්කරු මා ප‍්‍රවාහනය කරන ලොරි රථවල පටවා කොළඹට කේරළ ගංජා තොගය ප‍්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ බවට තොරතුරු අනාවරණයවූ බව කීය.
අත්අඩංගුවටගත් සැකකරු තලෙයිමන්නාරම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 පුද්ගලයකු වේ.
සැකකරු හා කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදී ඇති අතර ඔහු මන්නාරම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මන්නාරම කොට්ඨාස භාර පොලිස් අධිකාරී ශ‍්‍රියන්ත පීරිස් මහතාගේ උපදෙස් මත මන්නාරම විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජීව ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.