(එස් .ඩි .කොඩිකාර)
දෙනිපිටිය ප්‍රදේශයේ සිට කඹුරුගමුව ප්‍රදේශය දක්වා බලපත්‍ර රහිතව රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා කොස් දැව කඳන් ප්‍රවාහනය කරමින් තිබූ දොඹකරය සහිත ලොරි රථයක් එහි රියදුරු සමඟ නිදන්ගල අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොටවිල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
සැකකරු සහ කොස් දැව කඳන් සමඟ ලොරි රථය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.