IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලක්ෂ 10 ක් වටිනා තංගුස් දැල් - මාදැල් තොගයක් අත්අඩංගුවට

(කුෂාන් ජයවර්ධන)

නීති විරෝධී තංගුස් දැල් හා තහනම් මාදැල් භාවිත කළ පිරිසක් කලාවැව දී අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ හා අනුරාධපුර දිස්ත‍්‍රීක් ධීවර කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී සැකකරුවන් හා තහනම් දැල් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස කලාවැව විජිතපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ බව වැටලීම සිදුකළ නිලධාරීහු පවසති.

වැටලීමේදී කලාවැව තුළ භාවිතය තහනම් කර ඇති මාදැල් 03ක් ද නීති විරෝධී තංගුස් දැල් කිලෝ 100 කට අධීක ප‍්‍රමාණයක් ද සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.  

මෙහිදී මාදැල් භාවිතය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද තංගුස් දැල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකුද ඇතුළුව සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති නීති විරෝධී දැල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයක් පමණ වෙතැයි නිලධාරීහු පවසති.

 

 



අදහස් (0)

ලක්ෂ 10 ක් වටිනා තංගුස් දැල් - මාදැල් තොගයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site