(නයනජිව බන්ඩාර)
බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව තොගයක් සමඟ එම දැව ප්‍රවාහණයට යොදාගත් ලොරි රථයක් හා සැකකරුවන් දෙදෙනෙකු අද (04) බිබිල උඩුබුබුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව මොණරාගල පොලිසිය කියයි.
බිබිල මල්ලැහැව ප්‍රදේශයේ සිට උඩුබුබුල ප්‍රදේශයේ ලී මෝලකට මෙම තේක්ක දැව තොගය ප්‍රවාහණය කර ඇති බව පොලිසිය කීය.
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකළ බව එම නිලධාරියා පැවසීය.
අත්අඩංගුවට ගන්නා ලද තේක්ක දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ලොරි රථය බිබිල පොලිසිය වෙත භාර දුන් බව මොණරාගල පොලිසියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරියෙකු පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd