(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර අරුක්ගොඩ වටරවුම් පාරේදී රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු පැකට 1000ක් හා පැකට් කිරීමට ගන්නා උපකරණ සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.
අත්අඩංගුවට ගත් දෙදෙනැගෙන් ප්‍රධාන සැකකරු මේ වනවිට රිමාන්ඩ් භාරයේ සිටින රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකි.
හෙරොයින් බෙදාහැරීමට යොදාගත් යතුරු පැදියක්ද පොලිසිය භාරයට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd