(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේදී ලක්ෂ දෙකක පමණ වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය රැසක් සමඟ කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශය පවසයි.
එම පුද්ගලයන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2500ක්, අයිස් මිලිග්‍රෑම් 7825ක්, හඳුනා නොගත් මත්පෙති 314ක්, විද්‍යුත් තරාදියක් සහ රුපියල් 370,000ක මුදලක් පොලිසිය බාරයට ගෙනඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් පිරිසක් කළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයටඉදිරිපත් කිරීම සඳහා මට්ටක්කුලිය පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd