(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය බත්තලංගුංඩුව දූපතේ ධීවරයින්ට අලෙවි කිරීමට රැගෙන යාමට සකසා තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 280 ක් කල්පිටිය තැඹිලි වත්ත ගම්මානයේ නිවසක සඟවා තිබියදී සැකකරුවන් හතර දෙනෙකු ද සමඟ අද (29) සොයා ගත් බව කල්පිටිය පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමින් යුතු මෙම කේරළ ගංජා තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගලෙන් බිදුණු වැව,මදුරන් කුළිය,සහ තැඹිලිවත්ත ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බව පොලිසිය පැවැසීය.
මෙම ගංජා තොගය මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව බෙදාහැරීම සිදු කරන බව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ වලදී අණාවරණය වී ඇත.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd