(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව සුංගාවිල කිරිමැටිදමන ප්‍රදේශයේදී ඊයේ (4) තේක්ක දැව කඳන් තොගයක් නීති විරෝධී ලෙස ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් පුලස්තිපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මොවුන් පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
සුංගාවිල, කිරිමැටිදමන වැව අසල මාර්ග බාධකයකදී මෙම සැකකටයුතු ලොරිය පරීක්ෂාවට ලක් කිරීමේදී තේක්ක දැව කඳන් 26 ක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ බව විමර්ශන වලදී හෙළිවූ බව පොලිසිය පවසයි.
දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 3 1/2 කට අධික බවද කියති.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd