(දයාරත්න ඇඹෝගම)
හොරොව්පොතාන රඹැව ප්‍රදේශයේ පිහිටි නිවසක අල්මාරියේ තිබූ රුපියල් එක්ලක්ෂ තිසිතුන් දහසක් වටිනා රන් ආභරණ සොරාගත් කාන්තාවක අද (04) දඹුල්ලේදී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණැගල,දඹුල්ල මාර්ගයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවකි.
හොරොව්පොතාන රඹැව ප්‍රදේශයේ පදිංචි සම්භාහන ආයතනයක හිමිකාරියක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සම්බාහන ආයතනයක් පවත්වා ගෙන ගොස් තිබුණ අතර අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර කාන්තාවද එම ආයතනයේ සේවය කර ඇති බව පොලිසිය කියයි.
කාලයකට පසුව මෙම ආයතනය පාඩු ලැබීම හේතුවෙන් වසා දැමුන අතර සැකකාර කාන්තාව වෙනත් සම්බාහන ආයතනයක සේවය සඳහා පිටත්ව ගොස් තිබේ.
පසුගිය දිනක සැකකාරිය මෙම සම්බාහන ආයනයේ හිමිකාරියගේ දුරකතනයට කතා කර කියා ඇත්තේ තමන් සේවය කරන ආයතනයෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන නිසා ඉල්ලා අස්වන බවකි.
ඊට පිළිතුරු දුන් සම්බාහන ආයනයේ හිමිකාරිය කියා ඇත්තේ වෙනත් රැකියාවක් ලැබෙන තෙක් තමන්ගේ නිවසට පැමිණෙන ලෙසයටය.ඒ අනුව සැකකාරිය දින කිහිපයක් එම නිවසේ සිට තංගල්ල ප්‍රදේශයේ පිහිටි සම්බාහන ආයතනයක සේවයට ගොස් ඇති බව පොලිසිය කියයි.
සම්භාහන ආයනයේ හිමකාරිය උත්සවයකට යාමට සිය රන් ආභරණ සොයා බලද්දී එවා අස්ථාන ගතවීම නිසා සැකකාරියට විරුද්ධව පොලිසියට පැමිණිලි කොට තිබුණි.
ඒ අනුව පොලිසිය දඹුල්ලේදී සැකකාරිය අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙලිවී ඇත්තේ සොරාගත් රන් භාණ්ඩ තංගල්ල සහ දඹුල්ල ප්‍රදේශවල පිහිටි උගස් මාධ්‍යස්ථාන කිහිපයකට උගස්කර ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂයක් වටිනා රන් භාණ්ඩ සොරාගත් කාන්තාවක් දඹුල්ලේදී අත්අඩංගුවට