IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංකාව වටා මුහුදේ සම්පත් පිළිබද අධ්‍යන වාර්තාව ධීවර රාජ්‍ය අමාත්‍යවරයාට

ශ්‍රී ලංකාව වටා  මුහුදේ සම්පත් පිළිබද අධ්‍යන වාර්තාව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා  වෙත පිළිගැන්වීම අද (28) සිදු  කෙරිණි.
 
 නොර්වේ සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ශ්‍රී ලංකාවට අයත් මුහුදු තිරයේ  මෙම ගවේෂණය සිදු  කළේය.
 
 කොළඹ පදනම් ආයතනයේ දී පැවති උත්සවයකදී එම වාර්තාව ගවේෂණ කණ්ඩායමේ සාගර විද්‍යාඥන් විසින් අමාත්‍යවරයා වෙත පිළිගන්වනු  ලැබීය.
 
 එම ගවේෂණය මගින් ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ ඇති සාගර සම්පත් පිළිබද දත්ත රැසක් රැස්කරගැනීමට හැකි වී  තිබේ
 1978 වසරෙන් පසු ශ්‍රී ලංකාව වටා මුහුදේ මෙවැනි ගවේෂණයක් සිදු කළ  පළමු අවස්ථාව මෙය වේ .
 
 2018.වසරේ ජුනි මස 23 දින සිට ජුලි මස 16 දින දක්වා පුරා දින 25 ක් පුරා මෙම සාගර ගවේෂණය සිදු  සිදු කර තිබේ.
 
ඉතාමත් දියුණු තාක්‍ෂණික මෙවලම් සහ නවීන රසායනාගාර පහසුකම් වලින් සමන්විත DR.Fridtjof Nansen නෞකාව මෙම සාගර ගවේෂණයට එක් විය .
 
ශ්‍රී ලංකාව සහ නොර්වේ රාජ්‍ය අතර පවතින අන්තර් සහයෝගිතාව අනුව මෙම ගවේෂණය සිදු කෙරුණු අතර , ඒ සදහා ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය ජලජිවි විද්‍යාඥයින් , ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් මෙන්ම නොර්වේ ධිවර හා සාගර විද්‍යාඥයින් ඇතුළු 75 දෙනෙකු එක්ව සිටියහ.

(36698)

 



අදහස් (0)

ලංකාව වටා මුහුදේ සම්පත් පිළිබද අධ්‍යන වාර්තාව ධීවර රාජ්‍ය අමාත්‍යවරයාට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site