(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ පූඩළුඔය නගරයේ පිහිටි රා තැබෑරුමක් වසා මුද්‍රා තැබූ බව නුවරඑළිය සුරාබදු කාර්යාලයේ නිලධාරියෙකු පැවැසීය.
එම රා තැබූරුමෙන් රා පානය කළ පුද්ගලයින් කිහිපදෙනෙකු හදිසියේ රෝගාතුර වීම සම්බන්ධයෙන් තම කාර්යාලය වෙත ලද පැමිණිල්ලක් මත එම රා තැබෑරුමේ අලෙවි කිරීමට තිබූ කෘතිම රා බොතල් කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට රා බෝතල් කිහිපයක් සාම්පල වශයෙන් ලබාගෙන පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් එම රා තැබෑරුම තාවකාලිකව වසා මුද්‍ර තැබූ බව සුරාබදු කාර්යාලයේ නිලධාරියෙකු පැවැසීය.
එම රා තැබෑරුමෙන් රා පානය කළ පුද්ගලයන් කිහිපදෙනෙකුට ක්ලාන්තය වමනය සහ පාචනය යන රෝග ලක්ෂණ මතු වීම නිසා පුද්ගලයන් කිහිප දෙනෙකු කොත්මලේ නව නගරයේ රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොත්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මහින්ද සේනවිර මහතාද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd