අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී ලබන ඔක්තෝබරයේ දී පැවැත්වීමට නියමිත ‘වන් යං වර්ල්ඩ් සමිට්‘ යොවුන් නායක වැඩමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාතර රාහුල විදුහලේ ආදි ශිෂ්‍ය රඛිත හේමවර්ධන (22) තෝරා ගනු ලැබීය.
ඔක්තෝබර 15 වැනි දා සිට 19 වැනි දා දක්වා මේ වැඩමුළුවට පැවැත්වීමට නියමිතය.
ලෝකයේ යහපත් වෙනසක් ඇති කිරීම සඳහා ලොව පුරා වෙසෙන දීප්තිමත් තරුණ තරුණියන්ට එක්ව තීරණ ගැනීමට අවස්ථාව සලසා දීම මේ සමුළුවේ අරමුණයි.
ස්වේච්ඡා සේවයට දක්වන කැමැත්ත, අලුත්වන ලෝකය පිළිබඳ දක්වන උනන්දුව, නායකත්ව ලක්ෂණ ආදී මත රඛිත මෙම සමුළුවට තෝරාගෙන ඇත.
ලෝකයේ ළමයින් වෙනුවෙන් කටයුතු කරන ස්වේච්ඡා සංවිධානයක් වන ‘සාමය සදහා දරුවෝ‘ නම් සංවිධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ලෙසද රඛිත කටයුතු කරයි.
ඔහු මාතර රාහුල විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය නායකයෙකි.
COMMENTS
අයියා රාහුලයට විතරක් නෙමෙයි ලංකාවට විතරක් නෙවෙයි මුලු රටටම අඩම්බරයක්. අයියට තිබුන නායකත්ව ලක්ෂන ඒ කාලේ ඉදලම අපි දැක්කා. මොකද අයියා රාහුල විදුහලේ ප්‍රදාන ශිශ්‍ය නයකයා වෙලත් හිටියනේ. අයියට සුබ පැතුම් (නදී)
ඇත්තටම ලංකාවේ ඉන්නේ මහා කුහක මිනිස්සු. සමහර අය මෙය දකුණු පළාතේ කෙනෙක් හින්දා ලැබිච්ච අවස්ථාවක් විදියට අර්ථ දක්වල තියෙනවා. ඇත්තටම මේකට රජයේ සම්බන්දයක් නෑ. රඛිත කියන්නේ රාහුලේ හිටපු ප්‍රදාන ශිෂ්‍ය නායකයා විතරක් නෙමෙයි එජාප ජාතික යොවුන් පෙරමුකේ මාතර උප සභාපති ඒ වගේම මාධ්‍යවේදියෙක්. වැඩි විස්තර දැන ගන්න ඕනා නම් ගූග්ලේ බලන්න.(නදී)
ලියනගේ ,එය මෙලෙස නිවැරදි කරමු ශ්‍රී ලංකික කොල්ලෝ එහෙම තමයි ,තෑන්ක් ඔබට (අ)
සුභ පැතුම් රඛිත! (නි)
මේ තරුණයාට ඇති වෙනත් උසස් අධ්‍යාපන සුදුසුකම්, විශේෂ දක්ෂතා ආදී දේවල් ගැනත් අපි දැනගන්න ආසයි (නි)
උණුසුම් සුභ පැතුම්...!!! මුලු ලෝකයටම වටිනා දෙයක් කරන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)
ඇයි බය වෙලා වගේ. පපුව කෙලින් තියාගෙන ගිහින් ලංකාවේ වැඩ පෙන්වන්න.(දිල්)
අපිත් කැමතියි රඛිත ගේ විශේෂ නිපුනතා, අධ්‍යාපන ජයග්‍රහණ ගැන දැන ගන්න. සාමාන්‍යයෙන් ඔවැනි සමුළු වලට තෝරා ගන්නේ එවැනි සුවිශේෂ දක්ෂතා ඇති අයනේ. (ස)
ඔබට අපෙන් සුභ පැතුම්! (නි)
මේ මල්ලි දකුණු පළාතේද? (නි)
ඇත්තටම මේ තරුණයාගේ වෙනත් විශේෂ දක්ෂතා ගැන හැමෝම දැනගන්න එක හොඳයි (නි)
ඇත්තටම මම මේ කියන සාමය සහ දරුවෝ කියන සංවිධානය ගැන අහල නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් අපිව දැනුවත් කරන්නකෝ (නදී)
සාමය සහ දරුවෝ ! ඇත්තටම දකුණු පළාතේ සාමයක් තියනවාද කියලා මම මේ කල්පනා කරන්නේ. (නදී)
රාහුලේ කොල්ලෝ එහෙම තමයි ජයවේවා (දී)