(ජේ.කේ.එල් චාමින්ද)
අක්මීමන කුරුදුවත්ත රුහුණු ජාතික විද්‍යා පීඨයේ දෙමහල් නිල නිවාසයක අද (17) හදිසි ගිනි ගැනීමක් ඇති වූ බව අක්මීමන පොලිසිය පවසයි.
විද්‍යා පීඨයේ කථිකාචාර්වරියක් මෙම නිල නිවසේ පදිංචිව සිටින අතර ගින්න ඇති වන අවස්ථාවේ නිල නිවසේ කිසිවෙක් සිට නොමැති බවද අක්මීමන පොලිසිය කියයි.
විදුලි කාන්දුවක් නිසා මෙම ගිනි ගැනීම ඇතිවී තිබෙන බවට සැකකරන අතර ගිනි ගැනීමෙන් නිල නිවස තුළ තිබූ දේපල වලට දැඩිලෙස හානි වි තිබෙන බවද පොලිසිය පවසයි.
ගාල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ පැමිණ අක්මීමන පොලිසියේ ද සහාය ඇතිව ගින්න නිවා දැමීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd