(අශෝක තිලකරත්න)
රුසියාවේ නිෂ්පාදිත බෝර දොළහේ පතරොම් තුවක්කුවක් සහ ජීව උණ්ඩ හතරක් බලපත්‍රයක් නොමැතිව ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙක් කතරගම ගාමිණීපුරදී අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික් වැටලීම් ඒකකය සහ කතරගම පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හැටතුන් හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
සැකකරු අද (05දා) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd