(ජේ.කේ.එල් චාමින්ද)
බූස්ස කඳුරුපේ ප්‍රදේශයේදී රිවෝල්වරයක් සහ ජීව උණ්ඩයක් සමග, පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු අද (29) අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.
සැකකරු 46 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි.
අත්අඩංගුවට ගත් රිවෝල්වරය අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද්දක් බව හඳුනාගෙන ඇත.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
වෙඩිතබා පුද්ගලයින් බිය ගන්වා පලායාම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා පවතින බවද පොලිසිය පවසයි.
පොලිසියට දිගු කාලයක සිට අවශ්‍යව සිටි සැකකරුවකු වන මොහු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රත්ගම පොලිසියට භාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd