( දියතලාව - ඩී.කේ.රත්න )
රාවණාඇල්ලේ ගල් තලාවකින් වැටීම හේතුවෙන් අද (23) හවස විදේශීය තරුණයෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතයි ඇල්ල පොලීසිය පවසයි.
මොහු ජර්මන් ජාතික ලුකාස් වෝල්ටර් නැමති 22 හැවිරිදි තරුණයෙකි.
මෙම විදේශීය තරුණයා සංචාරයක් සදහා ඇල්ල නගරයට පැමිණ රාවණාඇල්ල නැරඹීමට ගොස් එහි ගල් තලාවක පිහිටි ගලක් මතට නැගීමට යාමේදී පය ලිස්සා පහතට වැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එම්.කේ.අලගියවන්න මහතාගේ උපදෙස් පරිදි ඇල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd