තරිඳු ජයවර්ධන
අධිවේගය සඳහා කළු ගල් කැඩීමෙන් බෙලිඅත්ත රිලාගලයාය පාරිසරික පද්ධතියට වන හානිය සලකා බලා වහාම රිලාගලයාය කඳු පන්තිය බේරා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ගැටමාන්න රාජ මහා විහාරාධිපති හකුරුවෙල පඤ්ඤාසේකර හිමියෝ පැවසූහ.
රිලාගලයායේ ගල් ගැඩීමට කොතරම් උත්සාහ කළ ද ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් එක්ව කඳුපන්තිය සුරැකීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බව ද ඒ හිමියෝ කීහ.
ගැටමාන්න රාජ මහා විහාරාධිපති හකුරුවෙල පඤ්ඤාසේකර හිමියන් එලෙස පැවසුවේ අද (16) මරදාන සමාජ සහ සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමි. රිලාගල යාය සුරැකීමේ එකමුතුව සහ සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය එය සංවිධානය කර තිබිණි.
‘අපේ ඉල්ලීම්වලට කන් නොදී රිලාගලයාය වනසන්නට යම් ආයතනයක් උත්සාහ කරනවා නම් අපි මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. ‘ යැයි ද පඤ්ඤාසේකර නාහිමියෝ කීහ.
රුහුණ විශ්ව විද්‍යාලයේ මානව ශ්‍රාස්ත හා සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩී එල් ඒ එස් ශම්මික මහතා ද , රිලාගල යාය සුරැකීමේ සංවිධානයේ නිහාල් ඉන්ද්‍රජිත් මහතා ද එම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූහ.
2025 ඔක්තෝබර් මස 08
1066
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1093
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
419
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රිලාගලයාය වැනසුවොත් මරාන්තික උපවාසයක් - ගැටමාන්න විහාරාධිපති හිමි