IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට

(කේ. බුද්ධික කුමාරසිරි සහ එච්. එස්. ඒ. නන්දන )
 
හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය මංසන්ධිය ආසන්නයේදී සහ හංවැල්ල පහත්ගම මංසන්ධිය ආසන්යේදී අද (08) සිදු වූ අනතුරු දෙකකින් දෙදෙනෙකු මිය ගොස් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හෝමාගම රෝහල් පොලිසිය පවසයි.
 

එයින් එක් අනතුරක් අලුයම පන්නිපිටිය මංසන්ධිය ආසන්නයේ මාර්ග අයිනේ නවතා තිබූ විශාල බහාලුම් රථයක පිටුපස ත්‍රී රෝද රථයක් ගැටීමෙන් සිදු ව ඇති අතර එම අනතුරින් තී‍්‍ර රෝද රථයෙහි ගමන් ගත් එක් අයෙකු මියගොස් සිව්දෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි හෝමාගම රෝහල් පොලිසිය පවසයි

අනතුරට ලක් වූ ත්‍රීරෝද රථයෙහි ගමන් ගත් පිරිස කිතුල්ගල ප‍්‍රදේශයේ සිට මහරගම අපේක්ෂා රෝහලෙහි සායනයක් සදහා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවත් අනතුරින් තී‍්‍ර රෝද රථයෙහි රියදුරු මිය ගොස් එහි පිටුපස ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත්, වයස අවුරුදු තුනහමාරක දරුවෙකු බරපතල තත්වයෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවද පොලිසිය පවසයි.
 
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ කිතුල්ගල පල්ලේබාගේ ප‍්‍රදේහයේ පදිංචිකරුවෙකු වන පල්ලෙබාගේ වෙදරාළලාගේ විමුක්ති අකලංක අබේසිංහ නමැති 22 හැවිරිදි තරුණයෙකි
 
අනෙක් අනතුර හයිලෙවල් මාර්ගයේ හංවැල්ල පහත්ගම මංසන්ධිය ආසන්නයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදු ව ඇති අතර එම අනතුරින් යතුරුපැදියෙහි ගමන් ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවද පොලිසිය පවසයි.

 මිය ගිය කාන්තාව ලොතරැයි අලෙවි කුටි සදහා ලොතරැයිපත් බෙදා හැරීමේ රැකියාවක නිරතව සිට ඇති අතර ඇය  (08) දින උදෑසන පාදුක්ක ප‍්‍රදේශයේ ලොතරැයි අලෙවි නියෝජිකයෙකුගෙන් ලොතරැයිපත් ලබා ගෙන හංවැල්ල අවට ප‍්‍රදේශවලට බෙදා හැරීම සදහා යන අවස්ථාවේදී අවිස්සාවේල්ල දෙස සිට හෝමාගම දෙසට පැමිනි ටිපර් රථයක ගැටීමෙන් මෙලෙස මරණයට පත්ව ඇති බවද පොලිසිය පවසයි.
 
එම අනතුරින් මිය ගොස් ඇත්තේ හංවැල්ල හරස් පාර ප‍්‍රදේහයේ පදිංචිකාරියක වන රන්හළු පේඩිගේ රොමේෂා අනුරුද්ධිකා නමැති 45 හැවිරිදි  කාන්තාවකි.
 
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු හංවැල්ල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ඇති අතර සැකකරු අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 782 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site