(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස්ගෝනියාව ඔය හන්දිය ප්‍රදේශයේදී අද (20) ලොරි රථ දෙකක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් සහ දැව පටවා මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක් බව පොලීසිය කියයි.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ වට්ටක්කා පටවාගෙන පැමිණි ලොරියේ ඉදිරිපස වාඩි වී සිටි අයෙකු බවත් තුවාල ලබා ඇත්තේ එම ලොරි රථයේ රියදුරු බව දඹුල්ල පොලිසිය කියයි. මියගොස් ඇත්තේ නොච්චියාගම නමල් ගම පදිංචි ඩබ්ලිව් .යු. දේණුක දිල්ශාන් චන්ද්‍රා හංස (19) හැවිරිදි තරුණයෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd