(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර, සිප්පුකුලම අඹගහවෙල ආසන්නයේදී අද(28) ජීප් රථයක් වෑන්රථයක ගැටීමෙන් වූ අනතුරකින් කාන්තාවක මිය ගොස් පුද්ගලයින් ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි මිහින්තලය පොලිසිය කියයි.
වෑන් රථය ත්‍රිකුණාමලය සිට අනුරාධපුර දක්වාත් ජීප් රථය අනුරාධපුර සිට හොරොව්පොතාන දෙසටත් ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කාන්තාව මියගොස් ඇති අතර වෑන් රථයේ සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, වී අලෙවි මණ්ඩලයේ සභාපති, එක්සත් ජාතික පක්ෂයේ හොරොව්පොතාන ආසනයේ සම සංවිධායක කස්තුරි අනුරාධනායක මහතා ගමන්ගත් ජීප් රථයක් සහ තවත් වෑන් රථයකි. කස්තුරි මහතා සමග ඔහුගේ රියදුරාද මෙම අනතුරින් තුවාල ලබා තිබේ.
මිහින්තලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.