(ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයේදී අද (7) වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා බණ්ඩරවෙල දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දියතලාව මූලික රෝහල වෙත මාරුකර යවා ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
මෙම අනතුරින් පස්සර ප්‍රදේශයේ පදිංචි වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පස්සර ප්‍රදේශයේ පදිංචි පිරිසක් රැගත් වෑන් රථය හැටන් ප්‍රදේශයට ගොස් ආපසු පස්සර බල පැමිණෙමින් සිටියදී බදුල්ල ප්‍රදේශයේ සිට කොළඹ බලා ධාවනයවෙමින් තිබූ ලොරි රථයක් සමග මුහුණට මුහුණලා ගැටීම නිසා මෙම අනතුර සිදුවී තිබේ.
සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු බණ්ඩාරවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd