(කේෂර ගුණතිලක)
බුත්තල වැල්ලවාය මාර්ගයේ පැල්වත්ත ප්‍රදේශයේදී අද (05) ලොරි රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය වියළි ගොවිපොළේ පදිංචි ටිකිරි වන්නි උන්නැහේලාගේ ප්‍රියන්ත නැමති 21 හැවිරිදි තරුණයෙකි.
යතුරුපැදිකරු වැල්ලවාය දෙස සිට බුත්තලට එමින් සිටියදී ඉදිරියෙන් පැමිණි තේක්ක දැව කඳන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක ගැටී ඇත.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
බුත්තල පොලිසියි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd