IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට

(කේ.බුද්ධික කුමාරසිරි)
 
හොරණ  -  මහරගම මාර්ගයේ මොරගහහේන බෙරුකැටිය ප‍්‍රදේශයේදී යතුරුපැදියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් ඊයේ (28) රාති‍්‍රයේ සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
 
මිය ගොස් ඇත්තේ රියදුරෙකු ලෙස රැකියාවේ නිරතව සිටි කුඩා උඩුව උතුරු උඩුව සේදගොවිපලවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මද්දුමගේ දොන් ගයාන් මංජුල රණසිංහ නමැති 35 හැවිරිදි එක්දරු පියෙකි.
 
බරපතල තුවා ලබා මහා මාර්ගය මත පැයකට ආසන්න කාලයක් යතුරුපැදිකරු වැටී සිටියද ඔහුව රෝහල වෙත රැගෙන යාමට කිසිවෙකු කටයුතු කර නොමැති අතර, ලද තොරතුරකට අනුව මීගොඩ පොලිසියේ ජංගම සංචාරයේ යෙදී සිටි නිලධාරීන් පැමිණ තුවාලකරු සුවසැරිය ගිලන් රථයකින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ බවද පොලිසිය පවසයි.
 
මොරගහහේන දෙස සිට තලගල දෙසට ධාවනයෙ වෙමින් තිබූ මෝටර් රථය එක්වරම ප‍්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වී තලගල දෙස සිට මොරගහහේන දෙසට පැමිණෙමින් සිටි යතුරුපැදියෙහි ගැටී, පාලම් බෝක්කුවක ආරක්ෂිත කනුවල ගැටී ඇතැයි සිදු කල මූලික පරීක්ෂණයේදි අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
 
මෝටර් රථය පැද වූ රියදුරු සැකපිට මීගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බීමත්ව සිටි බවට වෛද්‍යවරු කළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි
 
අත් අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 129 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 218 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site