IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට

(හැටන් රංජිත් රාජපක්ෂ)                       
ලංගම බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

අද (15) උදෑසන 9.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බදුපොල ප්‍රදේශයේදීය.

මිගමුවේ සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට ගිනිගත්හේන සිට ගිනිගත්හේන රංජුරාව දෙසට ධාවනය වූ යතුරුපැදිය ගැටි යතුරුපැදිකරු බස් රථයේ පසුපස රෝදයට යට වි බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය රෝහල වෙත රැගෙන යනවිට ජීවිතක්ෂයට පත් වී ඇත.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන අඹගමුව උඩුබුලත්ගම පදිංචි සඳුන් මදුරංග නැමති 23 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය ලිස්සා ගොස්   ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබූ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය සඳහන් කරයි.
බස්රථයේ රියදුරා සැකපිට ගිනිගත්හේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site