(ඩී.ජී.සුගතපාල)
පිටිගල, මත්තක ප්‍රදේශයේදී අද(04) බස් රථයක් යතුරුපැදියක ගැටී පොද්දිවෙල මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මියගොස් ඇතැයි පිටිගල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ චම්පිකා නානායක්කාර (52)නමැති කාන්තාවකි.
විදුහල්පතිනිය තම දරුවන් දෙදෙනා සමග උදෑසන යතුරු පැදියෙන් පාසලට යමින් සිටියදී රිය අනතුරට ලක්ව ඇත. එහි ගමන්ගත් ඇගේ දරුවන් දෙදෙනා තුවාල ලබා ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd