(ඩී.ජී.සුගතපාල සහ ජී.ඩබ්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ අඟුලුගහ ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් ඊයේ(02) රාත්‍රියේ වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ඉමදුව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ විරකැටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සහ 65 හැවිරිදි කාන්තාවෝ දෙදෙනෙකි. ළමයින් දෙදෙනෙකු ඇතුලු තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇත.
අනතුරට ලක්ව ඇත්තේ විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයකි.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ ළමයින් ඇතුලු හත්දෙනෙකු ගමන්කර ඇතැයි පොලිසිය පවසයි.
ගාල්ලේ සිට අකුරැස්ස දෙසට ගමන් කරමින් තිබූ ත්‍රි රෝද රථය, ඊයේ රාත්‍රියේ අකුරැස්සේ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියේ ගැටී අනතුර සිදුව තිබේ.
මළ සිරුරු කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර ඉමදුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරකින් දෙදෙනෙක් මරුට - 5ක් රෝහලේ