(දයාරත්න ඇඹෝගම)
යතුරු පැදියක ගමන් ගත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේදි කැබ් රථයක ගැටිමෙන් මිය ගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තඹුත්තේගම සහ අනුරාධපුර පොලිසි වලට අනියුක්තන සේවය කළ ආර්.එම්.නිශාන්ත පද්මසිරි රත්නායක සහ ඩී.එම් චමිල චතුරංග නැමැති කොස්තාපල්වරු දෙදෙනෙකි.
මෙම පොලිස් නිලධාරින් දෙදෙනා අනුරාධපුර බලා එමින් සිටියදි කැබ් රථයේ ගැටිමෙන් අනතුර සිදු වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ කලන්කුට්ටිය පදිංචි 35 හැවිරිදි කැබ් රථයේ රියදුරා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd