(දයාරත්න ඇඹෝගම)
කැබිතිගොල්ලෑවේ සිට අනුරාධපුරයට පැමිණෙමින් තිබු යුද හමුදාවට අයත් කැබ් රථයක් සහ යතුරු පැදියක් රඹැව පාසල ඉදිරිපිටදි එකිනෙක ගැටිමෙන් යතුරු පැදියේ පසුපස ගමන්ගත් කාන්තාවක් මිය ගොස් යතුරු පැදිය පැදවු 19 හැවිරිදි තරුණයාද තුවාල ලැබු බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ නාච්චාදුව, නවනගරයේ පදිංචිව සිටි ජවාහිර් මොහොමඩ් ජාන්සි (27) නැමති කාන්තාවකි.
මියගිය කාන්තාව සිය ඥාති සහෝදරයෙකු සමඟ මැදවච්චිය දෙසට යමින් සිටියදි මෙලෙස යුද හමුදා කැබ් රථයේ ගැටි ඇති බව පොලිසිය කියයි.සිද්ධියෙන් පසුව තුවාලකරුවන් මිහින්තලය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව එම කාන්තාව මිය ගොස් තිබේ.
යතුරු පැදිය පැදවු පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇත.කැබිතිගොල්ලැව,නිකවැව හමුදා සෙබළුන් පුහුණුවන හමුදා කදවුරකට අයත් මෙම කැබ් රථයේ රියදුරා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු අද (29)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.