( අශෝක තිලකරත්න )
යතුරුපැදියක් සහ පෞද්ගලික බසයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මරණයට පත්වී ඔහුගේ දරුවා තුවාල ලබා රෝහල් ගත කළ බව හුංගම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ හුංගම මැදඑළියේ පදිංචි සිරිපාල වනිගරත්න සමරසේකර (65) නැමති තිදරු පියෙකි.
දරුවා හුංගම ප්‍රාථමික විද්‍යාලයට ඇරලවීම සඳහා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇත.
මෙම අනතුරට අදාල බස් රථය සහ එහි රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම රියදුරු අඟුණකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
හුංගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd