(රොමේෂ් මධුෂංඛ)
යාපනය මාණිප්පායි ප්‍රදේශයේදී ටිපර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 90 ක් අද (12) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මාණිප්පායි ප්‍රදේශයේ කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාල ටිපර් රථය පැමිණ ඇති අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දැක ටිපර් රථය දමා රියදුරු පලා ගොස් ඇත.
එහිදී ටිපර් රථය පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ටිපර් රථයේ සඟවා තිබූ කේරල ගංජා කිලෝ 90 ක් හමු වූ බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය හා ටිපර් රථය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මාණිප්පායි පොලිසියට භාර දී ඇත.
ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කර ඇති බවද මාණිප්පායි පොලිසිය පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1587
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රුපියල් කෝටියකට අධික කේරළ ගංජා යාපනයේදී අත්අඩංගුවට