(ටී.කේ.ජී.කපිල)
රන් බිස්කට් හතක් තම සිරුරේ සඟවා ගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (05) කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය.
මොහු කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව රේගුව පවසයි.
ගුවන් යානය වෙත පිවිසෙන ගේට්ටුව අසළ දී මෙම ගුවන් මගියා තම ඉන ප්‍රදේශයේ සඟවා ගෙන තිබූ මෙම රන් බිස්කට් තොගය සොයා ගැනීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සමත් වී තිබුණ .
රන් බිස්කට් සහ මෙම ගුවන් මගියා ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දුන් අතර එහිදී මෙම ග්‍රෑම් 508.75 ක් බර මෙම රන් බිස්කට් තොගය රුපියල් 38,15,625 කට තක්සේරු කර තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd