ඉන්දිකා රාමනායක
කාන්තාවකගේ රුපියල් 1,40,000 ක් වටිනා රන්මාලයක් කඩාගෙන පලා යමින් සිටි බස් රථවල බටනළා පිඹින්නෙක් එම රන් මාලය ද සමඟ අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
සැකකරු මාර්ග අංක 138 බස් රථවල බටනළා වාදනය කරන්නකු බවද පොලිසිය කියයි.
පැමිණිලිකාර කාන්තාව මෙම බස් රථයට ගොඩ වී කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයෙන් බස් රථයෙන් බසින අවස්ථාවේ සැකකරු ද ඇය පසුපසින් ගොස් ඇගේ රන් මාලය කඩාගෙන දිවගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
කාන්තාවගේ කෑ ගැසීම ඇසී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් සැකකරු අල්ලා කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd