(රෝවන් පෙරේරා)
සැමට සෙවන ජාතික නිවාස වැඩසටහන යටතේ පුත්තලම වනාතවිල්ලුව සමගිපුර ඉදිවූ රන්මල්විලගම 56 වැනි ආදර්ශ ගම්මානය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්විය.
පවුල් 100 ක් සඳහා නිවාස ණය ලබාදීම ,සොඳුරු පියස වැඩසටහන යටතේ ලක්ෂ 200ක සහන ණය ප්‍රතිලාභීන් සඳහා ලබාදීම, සිය දෙනකු සඳහා ඇස් කන්නාඩි ලබාදීම ශිල්ප සවිය වැඩසටහන යටතේ පුහුණුව ලැබූ පෙදරේරුවන් 169 දෙනකුට වටිනා උපකරණ කට්ටල ලබාදීම මෙහිදී සිදුවිය.
පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 25කින් සමන්විත මෙම 2 වැනි ආදර්ශ ගම්මානය අද (11) පෙරවරු 9.30 යෙදුණු සුභ මොහොතින් විවෘත කැරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.