(නිශාන්ත කුමාර)
මහ කන්නයේ කුඹුරු සහ හේන් වගා කටයුතු ආරම්භ කර මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් මේ වන විට උද්ගතවී ඇති පොහොර හිඟය හේතුවෙන් තම වගාවන්ට මේ වන තුරුත් එක් පොහොර මුරයක් හෝ යෙදීමට නොහැකිවී ඇතැයි වියලුව මහියංගන රිදීමාලියද්ද හා ඒ අවට ප්‍රදේශයන්හි ගොවියෝ පවසති.
රජයේ පොහොර සහනාධාරය බලාපොරොත්තුවෙන් ගොවිතැන් කළ තමුන්ට මේ වන විට වැඩි මුදලටවත් පොහොර ලබා ගැනීමට හැකියාවක් ලැබී නැතැයිද ඔවුන් පවසති.
ඒ අතරින් මහ කන්නය මේ අයට විශේෂයි. මොකද කුඹූරු වගේම හේන් වවන්නෙත් මහ කන්නයේ නිසා. මෙවර කන්නයේ වගා ආරම්භ කරල මේ වන විට මාස දෙකකුත් පහුවෙලා. හරිනම් මේ වන විට දෙවැනි පොහොර මුරයත් වගාවලට දාන්න ඕනෑ. හැබැයි එක පාරක්වත් වගාවට පොහොර දා ගන්න බැරි වුණු විශාල පිරිසක් මේ ගොවි ජනපද වල ඉන්නවා. රජයේ පොහොර සහනාධාරය කෙසේ වෙතත් වැඩි මිලට අරගෙන හරි දාන්න කඩවල්වලත් පොහොර නැතැයි කණුගොල්ල ගොවිජන සංවිධානයේ සභාපති එච්.එම්.විජේබණ්ඩාර මහතා පැවසීය.
පුලුවන් කීප දෙනෙකු නම් වැඩි මිලට පිට ප්‍රදේශ වලින් පෝර ගෙනත් වගාවට දානවා. ඒකත් යන්තමට. මොකද පෝර මිටියක් රුපියල් 2800-3200 ක් වෙනවා. ප්‍රවාහන වියදමත් එක්ක ගත්තම 3500-4000ක් වෙනවා. එහෙම පොර ගෙනත් දානවට වඩා නිකන් ඉන්න එක හොදයි කියල මේ අය දැන් වගාව අත අරින තත්ත්වයට පත්වෙලා. මේ හේතුව නිසා මේ වන විට හේන් වගාව වගේම කුඹුරු වගාවත් නිසරු වෙන තත්ත්වයට පත්වෙලා. මේකට පොහොර හැර වෙන විකල්පයක් ඇත්තෙත් නැතැයි ඔහු කීවේය.

2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිදීමාලියද්දේ පොහොර හිඟය උග්‍රවේ