
(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ පොලිස් වසමේ දී විවිධ වැරදි සිදුකළ රියදුරන් 22 දෙදෙනෙකුට රුපියල් හත් ලක්ෂ පහලොස් දහසක දඩයක් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර.සී.ඒ සමරදිවාකර මහතා අද (16) නියම කළේය.
මිනුවන්ගොඩ පොලිසියේ රථ වාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහරින ලද රියදුරන් 22 දෙදෙනෙකුට විරුද්ධව අද (16) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
අධිකරණය හමුවේ පෙනී සිට වරද පිළිගත් රියදුරුන් 22 දෙදෙනාට මෙසේ දඩ නියම කෙරුණි.
බීමත්ව රිය ධාවනය කළ රියදුරුන් 11 දෙනෙකුගෙන් එක් අයෙකුට රුපියල් 25,000 බැගින් ද , වලංගු රියදුරු බලපත්‍රය නොමැතිව බීමත්ව රිය ධාවනය කළ රියදුරන් 06 දෙනෙකුගෙන් එක් අයෙකුට රුපියල් 50, 000ක් බැගින් ද , වලංගු රියදුරු බලපත්‍රය නොමැතිව අන්තරාධායක ලෙස රිය ධාවනය කළ රියදුරන් 03 දෙනෙකුගෙන් එක් අයෙකුට රුපියල් 35,000 බැගින් ද ,වලංගු රියදුරු බලපත්‍රය නොමැතිව රිය ධාවනය කළ එක් රියදුරෙකුට රුපියල් 25,000 ක් සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ එක් රියදුරෙකුට රුපියල් 10,000 ක දඩයක් නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd