(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශ රටකට පලාගොස් සිටින "රත්මලානේ කුඩු අංජු" නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ ගෝලයකු සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙරොයින් මත්කුඩු සමඟ අද (14) මොරටුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
සැකකරු සන්තකයේ රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමින් යුතු මත්කුඩු ග්‍රෑම් 100 ක් තිබූ බව පොලිසිය කියයි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd