IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


රත්නපුර අවදානම් කලාපවල ජනතාවට විමසිලිමත් වන්නැයි කියයි

(ප්‍රින්ස් රත්නායක)

අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි අවදානම් කලාපවල වෙසෙන  ජනතාව තවදුරටත් විමසිලිමත්ව හා අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරී අභීත වනසුන්දර මහතා දන්වා සිටියි.

වැසි තත්වය තවදුරටත් පවතින බවට වාර්තා කර ඇති බැවින් ස්ථානීය නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාවට හා කඳු බෑවුම් හා ගංගා ආශ්‍රිතව වෙසෙන පිරිස  නායයාම් පූර්ව ලක්ෂණ හා අධික වර්ෂව සම්බන්ධයෙන්  විමසිලිමත්ව සිටින ලෙස දන්වා සිටී.

අදාළ ප්‍රාදේශිය ලේකම්වරුන් මගින් එවැනි ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව දැනුවත් කිරීමට ග්‍රාම නිලධාරවරුන් වෙත උපදෙස් දී ඇති බවත් පැවසූ අභීත වනසුන්දර මහතා කියා සිටියේ එවැනි හදිසි ආපදා තත්වයක දී 117  අමතා දැනුවත් කරන ලෙසයි.

ඉඹුල්පේ, සීලගම, බෙලිහුල්ඔය, පින්නවල, වලේබොඩ, මැද්දකන්ද, හුණුකුඹුර ආදී  ප්‍රදේශ කීපයක ඉවුරුකඩා වැටීම් වාර්තාවෙයි. බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් එච් එම්. හේමන්ත බණ්ඩාර මහතා කීවේ ඉවුරු කඩාවැටීම් කීපයක් වාර්තා වන බවත් විශේෂ සිද්ධීන් හෝ විශේෂ ආපදා තත්වයක් තම ලේකම් කොට්ඨාසය තුළ වාර්තා වී නොමැති බවයි.

 



අදහස් (0)

රත්නපුර අවදානම් කලාපවල ජනතාවට විමසිලිමත් වන්නැයි කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 86 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2541 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site